කරන්දෙනිය, මාතර, බදුල්ල, සේරුවිල, හිනිදුම, වැලිගම මැතිවරණ කොට්ඨාශවල ජයත් ගෝඨාභයට

2019-11-17 09:43:00       707
feature-top
කරන්දෙනිය - මැතිවරණ කොට්ඨාශය ද ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා. ඒ, ඡන්ද 42,664ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 14,437ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 2199ක් ලබාගෙන තිබෙනවා.

මාතර මැතිවරණ කොට්ඨාශය ජය ගත්තේ ද ගෝඨාභය රාජපක්ෂයි. ඡන්ද 47,203ක් ඔහු ලබාගෙන ඇති අතර, සජිත් ප්‍රේමදාස හිමි කරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 21,747ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 4084ක් ලබා ගත්තා.

ඡන්ද 23,029ක් ලබා ගනිමින් බදුල්ල මැතිවරණ කොට්ඨාශය ජය ගැනීමට ද ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා. සජිත් ප්‍රේමදාස එහි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 19,912ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1522ක් හිමි කරගෙන තිබෙනවා.

සේරුවිල - මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 31,303ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළා. සජිත් ප්‍රේමදාස ඡන්ද 28,205ක් ද, අනුර කුමාර දිසානායක ඡන්ද 1598ක් ද ලබා ගත්තා.

ඡන්ද 54,299ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ හිනිදුම මැතිවරණ කොට්ඨාශය ද ජය ගත්තා. සජිත් ප්‍රේමදාස එහි ලබාගෙන ඇත්තේ ඡන්ද 28,046ක් පමණයි.

වැලිගම මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 52,439ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස එහි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 23,065ක්.

සජිත් ප්‍රේමදාස වලපනේ මැතිවරණ කොට්ඨාශය ජය ගත්තේ ඡන්ද 33,908ක් ලබා ගනිමින්. ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 32,602ක් හිමි වුණා.

මේ වන විට යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවල සමස්ත ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ඒ අනුව වැඩි ඡන්ද දෙලක්ෂ 89,461ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කය ජය ගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාසයි. ඔහු එම දිස්ත්‍රික්කයේ ඡන්ද තුන්ලක්ෂ 12,722ක් හිමි කරගෙන ඇති අතර, ගෝඨාභය රාජපක්ෂට එහි ඡන්ද 23,261ක් ලැබී තිබෙනවා.

වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක්ලක්ෂ 48,634ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ද සජිත් ප්‍රේමදාසයි. ඔහුට එම දිස්ත්‍රික්කයේ ඡන්ද එක්ලක්ෂ 74,739ක් හිමි වී ඇති අතර, ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 26,105ක් හිමි වුණා.

මීගමුව මැතිවරණ කොට්ඨාශයේ ප්‍රතිඵලය ද මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරුණු අතර ඡන්ද 44,032ක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස එය ජය ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 31,743ක් එම මැතිවරණ කොට්ඨාශයෙන් ලබාගෙන තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතිය ජයග්‍රහණය කිරීමට කැප වූ සියළු දෙනාට හිස නමා ආචාරය කරන බවයි.
සියලූ වැදගත්කමින් පිරුණු විජයග්‍රහණය ගෞරවාන්විතව සහ නීතිගරුකව සුරැකීම නූතන රාජ්‍යයක් වෙත හෙට දිනයේ අප තබන පළමු පියවර ලෙස සලකන බව ද එමගින් දක්වා තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

More News »