අධික ලෙස වතුර බිව්වොත් ඔබ මැරෙන්න පුළුවන්

2015-05-22 11:05:00       660
feature-top
හැමදාමත් වගේ අදත් ඔයාලට වැදගත් දෙයක් ගැන කියලා දෙන්න හිතුවා.අපි හැමෝම ජිවත් වෙන්න වතුර බොන්න ඕනනේ.වෛද්‍යවරු කියන විදියට දවසකට වතුර ලීටර් 1-2 අතර ප්‍රමාණයක් බොන්න ඕනේ (වතුර විදුරු 6ක් වගේ ) එත් දැන් අලුත්ම සමික්ෂන වලට අනුව හොයා ගෙන තියෙනවා ඕනෙවට වඩා වතුර බොන එකත් අපේ ශරීරයට හොද නෑ කියලා.අද අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.


ඕනෑවට වඩා වතුර බොන එක අධික ලෙස දහඩිය දැමීමට හේතුවක් වෙනවා කියලා ඔබ දන්නවද?
ඔව් අපි හිතන් ඉන්නේ වැඩි වැඩියෙන් වතුර බිව්වා ම ඇග නිවෙනවා , උෂ්ණ ගතිය නැති වෙනවා කියලානේ.එත් ඔයා දිනකට සාමන්‍යයෙන් මිනිහෙක් බොන්න ඕනේ වතුර මට්ටම ඉක්මවා වතුර බොන කෙනෙක් නම් ගොඩක් දාඩිය දාන්න එක හේතුවක්  වෙන්න පුළුවන්.මොකද ශරීරයට අවශය ප්‍රමාණයට වඩා අපි වතුර බිව්වොත් ඒ වැඩි පුර බොන වතුර ටික ශරීරය විසින් දාඩිය හරහා තමයි පිට කරන්නේ.අනිත් එක තමයි ගොඩක් වතුර බොන්න පුරුදු උන අයට දැන් එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා කියලා පරීක්ෂණ තුලින් හොයා ගෙන තියෙනවා .ඒ කියන්නේ ඔවුන්ගේ මොලය දැන් එකට අනුගත වෙලා නිතර නිතර වතුර ඉල්ලන්න පටන් අරන් .පොඩි වැඩක් කාරාට පස්සේ  උනත් ඔවුන්ට වතුර බොන්න වෙලා.


ඕනවට වඩා වතුර බිව්වොත් ඔබේ රාත්‍රී නින්දට බාධා ඇති විය හැකියි
නිදා ගන්න කලින් වතුර බොන එක හොදයි තමයි.එත් වතුර වීදුරුවක් විතර බිව්වාම ඇති.වතුර විදුරු 2-3ක් බොන්න ගියොත් නම් ඔයාගේ රාත්‍රී නින්දට sorry ම තමා.අපි නිදා ගන්න වෙලාවට මොලයෙන් (ADH, anti-diuretic hormone) කියලා හොර්මොනයක් නිදහස් කරන්න පටන් ගන්නවා.එකේ අරමුණ තමයි වකුගඩු වලින් සිදුවන පෙරීමේ ක්‍රියාවලියේ වේගය අඩු කරලා අපිට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය සිතට දැනෙන එක නතර කරන එක .එහෙම උනොත්නේ ඉතින් අපිට සැපට නින්ද යන්නේ.කව්ද කැමති මහා රැ නැගිටලා toilet යන්න.එත් ඔයා නිදා ගන්න යන්න පෙර හෝ සවස් යාමයේ ඕනෙවට වඩා වතුර බොන කෙනෙක් නම් ඔබේ සැප නින්දට රාත්‍රියේදී බාධා වෙන්න පුළුවන් කියලා හොදින් මතක තියා ගන්න. මහාචාර්ය  Mark Whiteley ( a consultant vascular surgeon and founder of The Whiteley Clinic in London ) කියනවිදියට නම් ඔබට රාත්‍රී නිදා ගැනීමේදී නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වී අවදි වෙනවා නම් නිදා ගැනීමට පැය දෙකක් හෝ තුනක් ඇතුලත කිසිම දියර ජාතියක් පානය කරන්න එපා කියලා.



වැඩිපුර වතුර බිව්වොත් ඔබේ  මරණය පවා සිදු විය හැකියි
2008 දී Jacqueline Henson කියන Huddersfield ප්‍රදේශයේ ජිවත් වූ 40 වියැති කාන්තාවක්  වතුර ලීටර් 4 ගානේ සැම පැය කිහිපයකටම වරක්  බිලා තියෙනවා.නමුත් අන්තිමට අධික ලෙස වතුර බීපු මේ කාන්තාව ඒ නිසාම මිය ගිහින් තියෙනවා.මේ වගේ සිද්ධින් ගනනාවක් ම වාර්තා පොත් වල සටහන් වෙලා තියෙනවා.ඒ වගේම වෛද්‍ය  Frankie Phillips( British Dietetic Association) ප්‍රකාශ කරනවා අධික ලෙස වතුර පානය කිරීම නිසා අපිව  ජිවත් කරවීම සදහා  ඇගේ තිබිය යුතු ලුණු සාන්ද්‍රනය දුර්වල වෙලා ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා.මෙතනදී අධික ලෙස වතුර බොනවා කියන්නේ ලීටර් ගණන් එක පාර බොන එකට හොදේ.

මේක වෙන්නේ මෙහෙමයි.අපි එකවර වතුර විශාල ප්‍රමාණයක් බිව්වම වකුගඩු වලට ටිකක් පිස්සු හැදෙනවා.මොකද වකුගඩු වලට එක පාරට ලොකු වතුර load එකක් අවාම වේගයෙන් වැඩ කරන්න වෙනවා.උපරිම වේගයෙන් වැඩ කරලත් දැන් වකුගඩු වලට අර වැඩි වතුර ටික පිට කර  ගන්න බෑ.එකෙන් වෙන්නේ අපේ ශරීරයේ ලේ එන්න එන්න දියාරු වෙනවා.වතුර ගතිය වැඩි වෙනවා.එතකොට ලේ වල පවත්වා ගතයුතු ලවන සාන්ද්‍රණය නියමිත පරිදි තියා ගන්න බෑ.ඒ වගේම ශරීරයේ සෛල වල ලවන සාන්ද්‍රනයට වඩා ලේ වල ලවන සාන්ද්‍රනය අඩු උනොත් ඒ දේ කෙලින්ම බලපාන්නේ මොලේ සෛල වලට.එතකොට මොලේ සෛල ඉදිමෙන්න ගන්නවා.ඔන්න ඔය වෙලාවට තමයි දරුණු ඔලුවේ කැක්කුම් එහෙම එන්නේ.ගොඩාක්ම වතුර බිව්වොත් ඊටත් වඩා දරුණු ප්‍රතිවිපාක විදින්න වෙයි.


එහෙනම් අපි ආරක්ෂිතව දවසකට බොන්න ඕනේ වතුර ප්‍රමාණය කොපමණද?
දැනට හොයා ගෙන තියෙන විදියට නිරෝගී මිනිසෙක් දිනකට ලීටර් 1-2ක් අතර ප්‍රමාණයක් වතුර බොන්න ඕනේ.එත් සමහර විට මේය ලීටර් 4ක් ද විය හැකියි.කොහොම උනත් කාන්තාවකට නම් ලීටර් 1.6 ක් වගේ දියර ප්‍රමානයක් දවසකට ශරීරයට ගත්තම ඇති කියලා තමයි එංගලන්තයේ NHS හි වෛද්‍යවරු පවසන්නේ.පිරිමියෙකුට නම් එය ලීටර් 2ක්.මෙතනදී දියර කියන වචනය මන් භාවිතා කරා.දියර කිව්වම වතුර තමයි ප්‍රධානම දේ අපි දවසක් තුල දියර වශයෙන් ශරීරයට ඇතුලත් කරන.ඊට අමතරව අපි බොන තේ , කොපි ,කිරි , බීම වගේ සියලුම ද්‍රවමය දේවල් මේ දියර කියන දේට ඇතුලත් වෙනවා.මේ ඔක්කොම එක්ක තමයි අපි මේ දවසකදී බොන්න ඕනේ  ලීටර් 1-2  අතර ප්‍රමාණය මනින්න ඕනේ.


පුද්ගලයෙකු දවසක් තුලදී බොන්න ඕනේ වතුර නැත්තම් දියර ප්‍රමානය තීරණය වෙන්නේ සාධක කිහිපයක් මත.ඒවා තමයි  ශරීරයේ විශාලත්වය, ක්‍රියාශීලි බව හා ජිවත් වෙන  පරිසරයේ ස්භාවය.ඔබ ජිවත් වෙන්නේ උණුසුම් කාලගුණයක් තියෙන පරිසරයක නම් ඔබට ටිකක් වැඩි පුර වතුර බොන්න වේවි.ඒ වගේම හොදට මතක තියන්න ගන්න ඕනේ කරුණක් තියෙනවා.ඔබ වතුර බොන්න ඕනේ ඔබේ ශරීරය වතුර ඉල්ලන වෙලවාට මිසක් ඔයාට ඕනේ ඕනේ වෙලාවට නෙවෙයි.ඒ නිසා වතුර බොන්න සුදුසුම වෙලාව තමයි ඔබට ස්භාවිකව තිබහ දැනෙන වෙලාවට.

ඒ වගේම ඔබේ මුත්‍රා වල පාට තද වර්ණයක් ගන්නවා නම් ඔබ ටිකක් වැඩි පුර වතුර පානය කල යුතුයි. මුත්‍රා වල වර්ණය සුදු පැහැයට හුරු ඔබ බොන වතුර ප්‍රමාණය අඩු කල යුතුයි.නිරෝගී මිනිහෙක්ගේ මුත්‍රා වල පාට වියලි පිදුරු ගැහෙ වර්ණයට සමානයි.

More News »