දකුණේ චන්ද ප්‍රතිපල නිකුත් වේ

2020-02-23 09:24:00       739
feature-top
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සතියක් තිබියදීම දකුණු පළාතේ මැතිවරණ ප්‍රතිපල පිළිබඳව පළමු අනාවැකිය නිකුත් වී තිබේ. ඒ අනුව දකුණු පළාතට අයත් වන ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම පොහොට්ටුව ලකුණට විශිෂ්ඨ ජයක් වාර්තා වනු ඇත.

ඒ අතුරින් හම්බන්තොට දිස්ත්‍රික්කය නාමල් රාජපක්ෂගේ පුරෝගාමිත්වයෙන් මෙවර විශිෂ්ඨ ජයක් හිමිකර ගන්නවා ඇත. ලයිස්තුවේ දෙවන ස්ථානය සඳහා ඩී.වී චානක සහ චමල් රාජපක්ෂ මහතා අතර තියුනු තරඟයක් ඇතිවන බව සමික්ෂනවලින් පෙනී යයි.

මාතර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රධාන චරිතය වූ ඩලස් අලහප්පෙරුම වැඩිම මනාප ලබා ගන්නා අතර කාංචන විජේසේකර දෙවන ස්ථානයට පත් වනු ඇත. මාතර දිස්ත්‍රික්කයේ ජනතා කැමැත්ත විමසීමේ දී ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින අතර අනිවාර්යයෙන්ම මෙවර තුන් වන ස්ථානය ඔහුට හිමිවන බව පෙනී යයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප රමේෂ් පතිරණ විසින්ද, දෙවන ස්‌ථානය චන්දිම වීරක්කොඩි විසින් ද ලබාගනු ඇතැයි පුරෝකතනය වී තිබේ.

More News »