වෝහාරික විගණන වාර්තාවෙන් මා බැදුම්කර හොරෙක් නොවන බව ඔප්පු වුණා..

2020-01-26 08:57:00       829
feature-top
මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් කරන ලද වූ වෝහාරික විගණන වාර්තාවෙන් තමන් නිදහස් කර ඇති බව හිටපු ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එහි සැබෑ චූදිතයන් එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් බවද ඔහු කියා සිටියි.

චන්ද්‍රිකා කුමාරතුංග, මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න ආදී පිරිස් විසින් එක්සත් ජාතික පක්ෂයට නිකරුනේ ප්‍රශ්නයක් ඇති කළ බවද ඔහු සඳහන් කරයි.

දැන් එම වරද නිවැරදි කරන්නැයි තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

උත්සව සභාවකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
(under the courtesy of lankacnews.com news web)

More News »