මහත් වෙන්න හේතුව නිදන කාමරයෙන් හොයා ගන්න

2015-05-21 01:19:00       681
feature-top
කෑම පාලනය කලත්, මොන තරම් ව්‍යායාම කලත් ඇඟේ මහත අඩු කරගන්න බැරි වීම හරි සුලබ පැමිණිල්ලක්. මෙයට හේතුව ඔබේ නිදන කාමරයේ යම් යම් තත්වයන් විය හැකි බව ඔබ නිකමටවත් සිතුවාද?

විද්‍යාඥයින් පවසන ආකාරයට නිදන කාමරයේ විදුලි පහන් දල්වාගෙන නිදා ගැනීම, එළියෙන් එන ආලෝකය කාමරයේ තිර රෙදි තුලින් ඇතුල් වීම හෝ ඔබේ ජංගම දුරකථනයේ සුළු ආලෝකය පවා ඔබේ ශරීරය තරබාරු වීමට හේතු වනවා.


මේ සියලු කාරනා වලින් ඔබේ නින්දට ඔබ නොදැනුවත්වම බාදා වනවා පමණක් නොවෙයි. මේ නිසා සිරුරේ සියලු පද්ධතීන් ඇහරවිම සිදු වනවා.

අපේ සිරුර හැදිලා තිබෙන්නේ දහවලට වැඩ කරන්නට සහ රාත්‍රියට විවේක ගන්නටයි. මේ නිසයි රාථෙඉයෙදි අපට නින්දක් අවශ්‍ය වන්නේ. මේ නින්දේදී ඔබේ සියලු ක්‍රියාවලින් නැවත සකස් වී ඊළඟ දවසට සුදානම් කිරීමක් සිදු වනවා.

අතර මග නින්දට බාදා වීම මගින් මේ සියල්ල නතර වනවා වගේම මේ නිසා ඇති වන හෝමෝන සංසිද්ධීන් ගේ ප්‍රතිපලයක් ලෙස ඔබ මහත් වනවා.

ඉතින් ඔබ නින්දට යන්නට ඕනෑ හැකි තරම් අඳුරු පරිසරයකයි. නින්දට ඇති වන බාදා හැකි තරම් අඩු කරගන්නටත් ඕනෑ. එක දිගට පැය හයක වත් නින්දක් ලැබීමත් වැදගත්.

More News »