නිරුවතින් බංජි පැන්න නංගි (Video)

2015-05-22 03:29:00       658
feature-top
බංජි පැනීම, ත්‍රාසජනක ක්‍රීඩාවන් ප්‍රිය කරන්නන් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. දෙකකුල් රැහැනකින් සම්බන්ධ කර, පොළවෙන් ඉතා උසක සිට පහළට පැනීමයි මෙහි දී සිදුවන්නේ. හොංකොං ජාතික තරුණියක් නිරුවතින් බංජි පැනීමේ සිදුවීමක් තායිලන්තයෙන් වාර්තා වනවා. ඒ තායිලන්තයේ පිහිටි ත්‍රාසජනක ක්‍රීඩා මධ්‍යස්ථානයක දී.

මෙම සිදුවීමේ වීඩියෝ සහ ඡායාරූප, සමාජ ජාල වෙබ් අඩවි සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් හරහා ලොව පුරා පැතිර යාමත් සමඟ, ක්‍රීඩා මධ්‍යස්ථානයට එරෙහිව නීතිමය පියවර ගන්නට, තායිලන්ත රජය සූදානම් වනවා. නමුත් ක්‍රීඩා මධ්‍යස්ථානයේ හිමිකරු පවසා ඇත්තේ, මෙම සිදුවීම තම ආයතනයේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බව යි. අවසාන මොහොත තෙක් තරුණිය බිකිනියක් හැඳ සිටි බවත්, පැනීමට මොහොතකට පෙර ඇය ඇඳුම් ගලවා දමා පැන ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා. එමෙන්ම මෙම වීඩියෝ සහ ඡායාරූප මෙතරම් වේගයෙන් පැතිර යතැයි ඔහු කිසි විටෙකත් නොසිතූ බව, හිමිකරු පොලීසියට ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

වීඩියෝ සහ ඡායාරූප පහතින්
(under the courtesy of asianmirror news web)




More News »