රෝහලේ විදුලිය විසන්ධි වී විදුලි ජනන යන්ත්‍රය පණ ගැන්වීමත් සමග පිපිරීමක්

2018-04-23 05:20:00       634
feature-top
ප්‍රධාන විදුලි සැපයුම විසන්ධිවීමක් හේතුවෙන් රෝහලක තිබූ විදුලි ජනක යන්ත්‍රය පණ ගැන්වීමට යෑමෙදී එය පුපුරා ගොස් තිබෙනවා.

හිඟුරක්ගොඩ ප‍්‍රදේශයට අද (23) දින පෙරවරුවේ විදුලිය විසන්ධි විමත් සමග මෙලෙස හිගුරක්ගොඩ රෝහලේ විදුලි ජනක යන්ත්‍රය පණ ගැන්විමට යැමෙිදී එහි බැටරිය පුපුරා ගොස් තිබෙනවා. 

මේ අනුව රෝහල තුළ විදුලිය නොමැතිකමින් හදිසි ප‍්‍රතිකාර එකකය ඇතුඑ රෝහලේ සියලු සේවාන් පැය කිපයක් අඩාල විම හේතුවෙන් රෝගින් දැඩි අපහසුතාවයට පත්වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳ විමසිමේදී හිගුරක්ගොඩ රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය ජගත් වික‍්‍රමරත්න පවසා සිටියේ "අද උදේ විදුලිය විසන්ධි වුනා. පස්සේ හදිස්සි ප‍්‍රතිකාර එකකය ඇතුළු අනිකුත් සේවා සඳහා විදුලිබලය අවශ්‍ය බැවින් අපේ රෝහලේ විදුලි ජනකය පණ ගැන්විමට යැමෙදි එහි බැටරිය පුපුරා ගොස් තිබෙනවා. එහිදි එම සේවකයාට කිසිදු  අනතුරක් සිදු වී නැහැ. නමුත් අපි ඔහුව හදිසි ප‍්‍රතිකාර එකකයේ සුළු වේලාවක් රඳවා තැබුවා. බැටරිය පුපුරා යැම නිසා එහි ඇසිඩ් ශරිරයට වැදි තිබුණා. අප රොහලේ ඇති විදුලි ජනකය ඉතා පරණ එකක්. පසුව අලුත් බැටරියක් සවි කරන්න පියවර ගත්තා. කොහොම වුණත් හදිසි ප‍්‍රතිකාර එකකයක් ඇතළු රෝගින්ගේ අත්‍යාවශ්‍ය  බෙහෙත් ඇතළු උපකරණ රැසක් රෝහල තුළ පවතින නිසා රෝහලට නවීන විදුලි ජනක යන්ත‍්‍රයක් අවශ්‍යයි." යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)



More News »