php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

තැපෑල අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියට සුදානම් - Tharunaya.us

තැපෑල අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියට සුදානම්

2018-04-10 10:20:00       1046
feature-top
තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවාවන්ගෙන් ඔබ්බට ගොස් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදනවලට දේශිය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සකසාදීම හා එම නිෂ්පාදන භාණ්ඩ තැපැල් සේවාව හරහා බෙදා හැරිම සඳහා අන්තර්ජාලය මඟින් නව ක්‍රමවේදයක් ආරම්භ කොට තිබේ.

මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් http:bepost.lk නමින් නව වෙබ් අඩවියක් ද ක්‍රියාත්මක කොට තිබේ.

දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමත් ඔවුන්ගේ නිෂ්පාදන දේශීය හා විදේශිය වශයෙන් අලෙවි කිරීමට අවස්ථාව සළසාදීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණ බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ හලිම් මහතා පවසයි.

රජයේ තිරසාර සංවර්ධන වැඩ පිළිවෙලට ශක්තියක් වෙමින් රටේ ජාතික ආර්ථිකය වර්ධනය කිරීම සඳහා දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට වෙළෙඳපොළක් සොයා දිය යුතුය. 

මේ මඟින් භාණ්ඩ බෙදා හැරීමේ දි තැපැල් දෙපාර්තමේන්තුවට ද විශාල ආදායම් ලබා ගත හැකි බව ද අමාත්වරයා පැවසුවේ තැපැල් මුලස්ථානෙය් අද(10) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය.

දැනටමත් bepost.lk වෙබ් අඩවිය මඟින් සිය භාණ්ඩ අලෙවි කිරීම සඳහා ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 200 කට අධික සංඛ්‍යාවක් ඒහි ලියාපදිංචි වි තිබේ. 

ඔවුන්ගේ නිෂ්පාදන 1000 කට අධික ප්‍රමාණයක් පිළිබඳ විස්තර ඒම වෙබ් අඩවියේ පළකාට ඇති බව මහිදී අදහස් දැක් වු තැපැල් පති ඩී.ඒල්.පි.ආර්.අභයරත්න මහතා පැවසීය.

මෙම භාණ්ඩ හා නිෂ්පාදන බදාහැරීමේ දි තැපැල් දෙපාර්තෙම්න්තුව ඊට වැය වන තැපැල් ගාස්තු සහ 2% ක පමණ සුළු ලාභයක් පමණක් ලබා ගන්නා බව ද තැපැල් වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ..

http:bepost.lk වෙබ් අඩවිය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම තැපැල් දෙපාර්තෙම්න්තුව මඟින් සිදු කෙරෙන අතර නිෂ්පාදකයින්ට දින 15 ක පමණ කාලයක් ඇතුළත මුදල් ගෙවීම් සිදු කෙරේ. 

මේ මඟින් භාණ්ඩ ගෙන්වා ගන්නා ගැණුම් කරුවන්ට ක්‍රඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මඟින් ඒ සඳහා මුදල් ගෙවීමට පුළුවන.

අන්තර් ජාලය ඔස්සේ අලෙවි කරන භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරීය මඟින් පරික්ෂා කරන අතර ඒවාට ප්‍රමිති සහතික නිකුත් කෙරේ.

ඒ මඟින් අපනයන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව අධිකාරියට සභතික කළ හැකි බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »