ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයෙකුට පහරදීමක්…

2020-08-13 08:46:00       830
feature-top
වව්නියාවේ ක්‍රියාත්ම දෙමළ සංවිධානයක් වූ තමිල් නිලම් මක්කල් අමෙයිප්පු නැමති සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකුට වව්නියාව කරප්පන්කාඩු කිසියම් පිරිසක් විසින් පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

පහරකෑමට පක් වූ පුද්ගලයාට ඊයේ දින නාදුනන පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ඔහු වව්නියාව මහරෝහලට ඇතුලත් වී ඇති අතර ඔහුගෙන් මුදල්ද කොල්ල කා පහරදීමට පැමිණි පිරිස් පලා ගොස් ඇති බවට පැමිණිළි කොට ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කරප්පන්කාඩු ප්‍රදේශයේ පදිංචි වී.විනෝදරන් නැමති අයෙකු වන අතර පහරදීම සමබන්ධයෙන් වව්නියාව පොලීසිය මේ වන විට වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »