මීගමුවේ පාසලක උසස් පෙළ විභාග වංචාවක් ගැන විමර්ෂණ

2020-10-18 08:52:00       1044
feature-top
මීගමුව ප‍්‍රදේශයේ පාසලක විභාග මධ්‍යස්ථානයකදී උසස්පෙළ තර්ක ශාස්ත‍්‍ර ප‍්‍රශ්ණ පත‍්‍රය සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන විභාග වංචාව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාල විදුහල්පතිවරයා විසින් පිටස්තර පුද්ගලයෙකුගේ සහය ලබා ගනිමින් පිළිතුරු ලිවීම සඳහා සිසුන්ට උදව් කර ඇති බවටයි ගුරු සංගම් චෝදනා කරන්නේ.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. කෙසේවෙතත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටින්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ෂන සිදු කළ යුතු බවයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »