නොවැම්බර් 9 න් පසු පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක

2020-10-18 08:48:00       1045
feature-top
අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය නොවැම්බර් 9 සිට රටපුරා පෞද්ගලික බස්රථ ධාවනයෙන් වැළකී සිටීමට තිරණය කර තිබේ. එහි සභාපති සරත් විජිත කුමාර කියා සිටියේ COVID19 වසංගතයෙන් පසුව ඔවුන්ගේ කිසිදු ඉල්ලීමකට රජය ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
 
“වසංගත තත්ත්වය හේතුවෙන් බස් සේවාවන්ට විශාල අලාභයක් සිදු වුණා. ඩීසල් සහනයක් ලබා දෙන ලෙස හෝ බස් ගාස්තු වැඩි කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒ කිසිඑම දෙයක් අපට රජයෙන් ලැබුණේ නැහැ. පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් බොහෝ දෙනෙක් ලීසිං හෝ මූල්‍ය පහසුකම් ආධාරයෙන් බස් රථ ධාවනය කරතන්නේ.” යනුවෙන්ද අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපතිවරයා පැවැසීය.
 
ඔහු වැඩිදුරටත් පැවැසූයේ  “අවම වශයෙන් තවත් මාස හයක වාරික සහනයක් ලබා දෙන ලෙස ලීසිං සහ මූල්‍ය සමාගම් වෙත යොමු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.මේ වෙලාවෙ බස් කර්මාන්තය බිඳ වැටෙමින් පවතිනවා. එනිසා නොවැම්බර් 9 දින සිට රටපුරා පෞද්ගලික බස් සේවා ධාවනය නතර කිරීමට අපි තීරණය කරා..” යනුවෙනි.

More News »