විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්දය ප්‍රකාශකිරීමේ අවස්ථාව හිමිකරදීමට අගමැති කැපවෙයි

2020-10-17 05:35:00       1044
feature-top
මැතිවරණ නීති සංශෝධනය කොට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහාත් තේරීම් කාරක සභාවක් යෝජනාකිරීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශය කරුණක් බව මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වරක් යාවත්කාලීන කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන ‘සපිරි ඡන්ද මධ්‍යස්ථන’ සැකසීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිහු අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

More News »