php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

කෝටියක් වටිනා මැන්ඩි තොගයක් සමග අත්අඩංගුවට ගත් තිදෙනාට අත් වූ ඉරණම - Tharunaya.us

කෝටියක් වටිනා මැන්ඩි තොගයක් සමග අත්අඩංගුවට ගත් තිදෙනාට අත් වූ ඉරණම

2020-09-29 06:42:00       1237
feature-top
රුපියල් කෝ්ටියක් පමණ වටිනා මැන්ඩි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැණුනු සුරබදු නියාමකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගැණුනු සුරබදු නියාමකවරයා ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයට අනියුක්තව සේවය කරන අයෙක්. ඔහු විසින් මෙම මැන්ඩි මත්ද්‍රව්‍ය අනෙකුත් සැකකරුවන් වෙත ලබාදී තිබෙනවා.

ඒ බව අනාවරණ වුණේ කොස්ගම, කළුඅග්ගල ප‍්‍රදේශයේදී මෝටර් රථයක තිබී මැන්ඩි මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 654 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගැනීමත් සමගයි. එහිදී අත්අඩංගුවට ගැණුනු සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනේ හංවැල්ල, පහත්ගම ප‍්‍රදේශයේදීයි. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය අදාළ සුරාබදු නියාමකවරයා විසින් ලබාදුන් බවටයි.

මෙම ජාවාරම පිළිබද වැඩිදුර විමර්ශන සදහා සිය භාරයට ගත් මැන්ඩි මත්ද්‍රව්‍ය, මෝටර් රථයක් සහ ජංගම දුරකතන 5ක් සමග සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පාසල් ළමුන්ට අළෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් දාහත් ලක්‍ෂ 29,750 ක් වටිනා ගංජා මිශ‍්‍ර මදන මෝදක තොගයක් තෙබුවන පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, වෑවල, කෙලින් වීදිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. එහිදී මදන මෝදක ගුලි 10,175 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 53 ක් වන සැකකරුවෙකුද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. තෙබුවන, වෑවල ප‍්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ඔහු මෙම ජාවාරම සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී ලක්‍ෂ 8 ක් පමණ වටිනා හෙරොයින් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මොරටුව ප‍්‍රදේශයේ සිට සිය ශරීරයේ සූක්‍ෂම ලෙස ස`ගවා ගෙන වැල්ලවාය දක්වා බස් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී සොයා ගැණුනු හොරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් හයයි මිලිග‍්‍රෑම් 750 ක්. ඔවුන් කුඩාඔය සහ මොරටුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »