php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ජනපති 75 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරය අමතයි : කොවිඩ් එන්නත ලබාගැනීමට සැමට පහසුකම් සැපයිය යුතු බව කියයි <br> - Tharunaya.us

ජනපති 75 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිවාරය අමතයි : කොවිඩ් එන්නත ලබාගැනීමට සැමට පහසුකම් සැපයිය යුතු බව කියයි

2020-09-23 08:15:00       1240
feature-top
ප්‍රජාතනත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් ආණ්ඩු සිය ජනතාවගේ හද ගැස්ම සහ අවශ්‍යතා මනාව වටහාගෙන සිටී. ජනතා අවශ්‍යතාවයන්ට තිරසාර විසඳුම් දීමට රාජ්‍යයන් ගෙන යන ක්‍රියාදාමයට සහාය වීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

කිසියම් රටකට හෝ බලවේගයකට කිසිදු ආකාරයකින් ගැති නොවී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (22) රාත්‍රී 9.00 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කෙරුණා.

“අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන්: බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම” (The Future We Want, the UN We Need: Reaffirming our Collective Commitment to Multilateralism) සමුළුවේ මෙවර තේමාවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස්, මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් යන මහත්වරුන් සභාව ආමන්ත්‍රණය කිරීමෙන් සමුළුව ආරම්භ විය.

බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු සහ දෙවන දේශන කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) අළුයම 4.45 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ, ආර්ථික ගැටළු විසඳීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරයි. දරුවන් සහ තරුණයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමත්  තම අවශ්‍යතාව බව ජනාධිපතිතුමා සඳහන් කළේ.
 
නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර, සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ අතර, එය ප්‍රශංසනිය ප්‍රථිපල අත්කරගෙන ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

“දශක 03කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ත්‍රස්තවාදය අත්විඳි ශ්‍රී ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙලා දකිනවා” ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කළද කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරණ ගෙන යමින් ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික ජාලය තවමත් ක්‍රියාත්මකව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විවිධ දුර්මත සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අඛණ්ඩව පවත්වාගෙන යන මේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් නොඉවසනු ඇතැයි අපේක්ෂාව පළ කර සිටියේ.
 
“පටු දේශපාලනික ප්‍රේරණ නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රී  ලංකාව සමග සහයෝගයෙන් නැගී සිටිය යුතුයි” යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ.
 
“මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව කොවිඩ් 19හි බලපෑම අවම කිරීම සඳහා ජාතික දේශසීමා අතර සහයෝගීතාවේ වැදගත්කම පිළිබිඹු කරයි. “කොවිඩ් -19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම” සහ කොවිඩ් 19 ප්‍රතිචාර සහ ප්‍රතිසාදන අරමුදල පිහිටුවීම ඇතුළු අභියෝගයට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් ගත් ව්‍යායාමය අගය කළයුතුයි. වැඩිදියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු කොවිඩ්-19 එන්නත සියලුදෙනාට ගත හැකි එන්නතක් වනු ඇති බව සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක්”යැයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය, බහුවිධ අඛණ්ඩතාව ආරක්ෂා කරන සහ එම රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියේ වැදගත්කම අවධාරණය කරන බව සිය දේශනය අවසන් කරමින් ජනාධිපතිතුමා කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »