php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

නිරෝධායනය නිම කළ තවත් 162 දෙනෙකු අද නිවෙස් වෙත - Tharunaya.us

නිරෝධායනය නිම කළ තවත් 162 දෙනෙකු අද නිවෙස් වෙත

2020-09-23 12:28:00       1239
feature-top
ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිය නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 162 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අතරින් 77 දෙනෙකු පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි, කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය නිම කර නිවෙස් බලා පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 43,895 ක්. ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුළ තවදුරටත පුද්ගලයින් 7,120 ක්  නිරෝධායනය වෙමින් සිටින බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »