php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

කිරිපිටි කටු ගෙට දියකිරි ගෙන් ගෙට - Tharunaya.us

කිරිපිටි කටු ගෙට දියකිරි ගෙන් ගෙට

2020-09-22 09:26:00       1237
feature-top

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවියන්ගේ එකතුවෙන් කෙටි හා දිගු කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පසුගියදා උපදෙස් දෙන ලදී.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීය නිෂ්පාදන කෙරෙන්නේ සියයට හතළිහකටත් අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායී නැවුම් දියර කිරි පානයට ඇති අවස්ථාව ජනතාවට එම නිසා අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නංවන බවට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිතිවරයා ප්‍රතිඥා දී තිබේ.

1977 විවෘත ආර්ථිකයත් සමග අපට නැතිවී ගිය දායාදයන් බොහෝය. 1977 වනවිට මෙරට දියර කිරිවලින් ස්වයංපෝෂිත තත්ත්වයක පැවතිණි. කොටින්ම කිරි අලෙවි මණ්ඩලයක් පවා පැවැති බව අද බොහෝ දෙනාට අමතකය. එදා පැරකුම් උකු කිරි ලංකාවේ නොම්බර එකේ නිෂ්පාදනයක් විය. පිටරටින් ගෙනා උකුකිරිවලට කිව්වේ නෝනා ලකුණ උකු කිරි කියාය.

ජනාධිපතිවරයා දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලන්නට සැලසුම් කරද්දී ඉකුත් පළමුවැනිදා පොහොට්ටු කාර්යාලයේදි ඔස්ට්‍රේලියාවෙන් කිරි හරක් 2500ක් ආනයනය ගැන පත්‍රකලාවේදීන් ප්‍රශ්න කර සිටියේ ජී.ඇල්. පීරිස් හා පොහොට්ටුවේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගෙනි. මෙහිදී පෙනී ගියේ කිරි හරක් ඔස්ට්‍රේලියාවෙන් ​ආනයනයට බිලියන ගණනක මුදලක් වැය වන බවය.

ලංකාවට කිරි ගවයන් ආනයනයට මුලින්ම පියවර ගෙන ඇතතේ 1936දීය. සෞඛ්‍ය නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා පවසන පරිදි 2012 දී ආනයනය කොට ඇති කිරි ගවයන් ගණන 508කි. 2013දී කිරි ගවයන් 1502ක්, 2015දී කිරි ගවයන් 2495ක්, 2017 වසරේදී කිරි ගවයන් 5044ක්ද ආනයනය කොට ඇත. 2018 වන විට මෙම ආනයනික එළදෙනුන් පැටවුන් එක්දහස් හයසිය පනස් හතරක් බිහි කළ අතර ඒ පැටවුන් හත්සිය දහසයක් මියපරලොව ගියේ අබිරහස් ලෙසය.

ඒත් මේ ගැන ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ වෙනත් කතාවකි. එතුමා කියන්නේ කිරි ගවයන් 2500ක් ගෙන්වන්නේ ගොවීන් අතර බෙදාදීමට නොව අභිජනනය සඳහා බවය. සභාපතිතුමා කියන්නේ මේ ආනයනය කරන කිරි ගවයන් 2500 දෙනා රිදීගම හා නිකවැරටිය ගොවිපොළ සඳහා ගෙන්වන බවත් එය සිදුවන්නේ මෙරට බලපවත්නා සත්ත්ව අභිජනන පනත අනුව බවත් ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත.

පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගව ඝාතනය තහනම් කළ යෝජනාව ගේන විට බොහෝ ‘හරක්මස්’ ලෝලීන් අසා සිටියේ මේ ගවයින්ට කුමක් කරන්නේද කියාය. එක් හරක් ෆාම් හිමියකු පවසා සිටියේ හරක් මැරීම තහනම් කළොත් තමන්ට එම වයසට යන එළදෙනුන් නඩත්තුවට විශාල මුදලක් වැය වන බැවින් තම ව්‍යාපාර බංකොළොත් භාවයට පත්වී තමන් හිඟමනට පත්වන බවය. ඒත් මේ කාටවත් ගව ව්‍යාපාරයේ අතුරු ඵලයක් වන පොහොර නිෂ්පාදනය නොහොත් ගොම මතකයට ආවේ නැත.

ගව ව්‍යාපාරයේ අතුරු ඵලයක් වන පිරිමි ගවයන් හා කිරි නිෂ්පාදනයක් නැති ගවයන් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ තබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමෙන් මෙම අතුරු ඵලය ප්‍රයෝජනවත් කාර්යයකට යොමු කළ හැකි වෙයි.

1970 කාලය වන විට ලංකාවේ අවශ්‍යතාවෙන් 75%ක් පමණ වූ දේශීය කිරි නිෂ්පාදනය ක්‍රමයෙන් පිරිහී 1976දී ආනයනය කරන ලද ගවයන් නිසා නැත්තටම නැතිවිය. 1976 වර්ෂයේ ලංකාව ආනයනය කළ ගවයන් සියලු දෙනා ලෝකයේ ඇති භයානක ගව ​රෝගවලට එනම් වැන්ටයිටිස් බෲසලෝසිස් හා කිනිතුලු උණ රෝගවලට ගොදුරු වීමෙන් එම ගවයන් මිය ගිය අතර ලංකාවේ සිටි ගවයන්ටද මෙම රෝග බෝවීම සිදුවීමෙන් ලංකාවේ කිරි පට්ටි කර්මාන්තය නැත්තටම නැති විය. 1977 විවෘත ආර්ථිකය මගින් අවශ්‍යතාවන් සපුරාලීමට කිරි පිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අසීමිතව ආනයනය කිරීමෙන් කිරි පට්ටි කර්මාන්තය පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්විය.

විවෘත ආර්ථිකය යටතේ මොළයක් තියෙන අයෙක් ගවයකු හැදීම නොකළ යුතු තත්ත්වයකට වැටුණ අතර කිරිපිටි හා කිරි ආහාර ආනයනය කෙරෙහි තව තවත් නැඹුරු විය. 1970 ප්‍රථම කාලයේ ග්‍රාමීය බොහෝ නිවාසවල කිරි ගවයන් නඩත්තු කළ අතර බර ඇදීමට මෙන්ම කුඹුරු සී සෑමට හා ගොයම් පෑගීමට ගවයන් යොදා ගන්නා ලදී. මෙසේ ගව සම්පත නඩත්තු කිරීමට එකල තෘණ තිබූ අතර අඩු මිලට ගව ආහාර විශේෂයෙන් පොල් හා තල පුන්නක්කු මෙන්ම සහල් නිවුඩු හා ඇඟිටි වුවමනා ප්‍රමාණ අඩු මිලට වෙළෙඳපළින් ලබා ගැනීමට හැකිවිය. නාගරිකවද කිරි පට්ටි පවත්වාගෙන ගිය අතර විශේෂයෙන් වතුකරයේ සියලු වතු ආශ්‍රිතව දමිළ කම්කරුවන් අමතර ආදායම් මාර්ගයක් ලෙස ඉතා උසස් ලෙස ගවයන් නඩත්තු කරනු දක්නට ලැබිණ. මෙසේ දිවයිනේ සෑම පෙදෙසකම විශාල ගව ගහනයක් ව්‍යාප්තව පැවැති අතර ග්‍රාමීයව වුවමනා තරම් එළකිරි (බෝතලයක් රුපියලකට අඩු මිලකට) හා මී කිරි ප්‍රචලිතව පැවතිණ. එසේම එම වකවානුවේ මෙන්ම අතීතයේ සියලු වගා කටයුතුවලට අවශ්‍ය පොහොර සපයා ගත්තේ මෙම ගව පට්ටිවලිනි. වර්තමානයේ මෙන් උසස් තාක්ෂණයක් විදහා දක්වන කොම්පෝස්ට් පොහොර එකල නොතිබුණද එකල කුණු ගොඩේ පස් හා ගොඩගොඩ එකට කලවම් කර වගාවට යෙදීමට තරම් ඥානයක් ජනතාවට තිබිණි. වර්තමානයේ ඉතා ලාබෙට අසුරා තිබෙන කොම්පෝස්ට්වල ප්‍රමිතිය පිළිබඳවද කිසිවෙකුත් සහතික නොකරන අතර එම අසුරන තුළ වැඩි වශයෙන් ඇත්තේ දහයිය, අළු, කොහුබත් හා වෙනත් අපද්‍රව්‍ය මිස ගොම අඩංගු වීම ඉතා විරලය.

තත්ත්වය මෙසේ හෙයින් ගවයන් ආනයනය කිරීමෙන් මෙම තත්ත්වයට ඉක්මන් විසඳුමක් ලබා දිය හැකි බව පෙනී ගියත් එම ආනයනික ගවයන් නඩත්තු කිරීම ඉතා අසීරු කටයුත්තක් වාගේම එම ගවයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මිල ගණන් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. එසේ ගවයන් ආනයනය අත්‍යවශයෙන්ම වන්නේ නම් දැනට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්වී ඇති රජයේ ගොවිපොළ කෙරෙහි අවධානය යොමු කොට එම ගොවිපොළට එම ගවයන් නඩත්තු කොට උසස් තත්ත්වයේ දිවයිනේ දේශගුණයට ඔබින ගවයන් ගොවි ජනතාවට වෙතට ලබාදිය යුතුය.

ග්‍රාමීය සමෘද්ධිලාභීන් බොහෝමයක් මෙම ව්‍යාපෘතිය එක්කර ගත හැකි අතර එක් සමෘද්ධි පවුලකට (ඉඩමක් හෝ ගවයන් නඩත්තු කිරීමට හැකියාවක් ඇති) ගැබ්ගත් ගවයෙක් හා වැස්සී පැටවකු ලබාදීමෙන් මාස 06ක් ඇතුළත එම පවුල දරිද්‍රතාවයෙන් ගලවාගත හැකිවෙයි. ඔවුන්ට කිරි නිෂ්පාදන අලෙවියෙන් හා ගොම හා අපද්‍රවය භාවිතයෙන් හොඳ පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගෙවත්තේ වගාවට යෙදීමෙන් ලබන ආදායමෙනි. සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාට කළ යුතු වන්නේ එම ගවයන් අපහරණය (විකිණීම) කරනවා දැයි නිරීක්ෂණය කිරීම පමණි.

එමෙන්ම තවමත් ගවලෙනට ආසා කරන මෙන්ම එහි ප්‍රතිඵල ප්‍රචලිත කිරී‍මෙන්ද ගව පාලනයට අවශ්‍ය පහසුකම් ඉඩම්, බැංකු ණය, ගවයන් ආදී දේ පහසුවෙන් අවශ්‍ය පුද්ගලයන් හට ලබාදීමෙන් සුළු හා මහා පරිමාණ ගව පට්ටි ඇති කළ හැකිය.

දැනට දිවයිනේ සෑම ප්‍රදේශයකම මහා මාර්ග දෙපස මෙන්ම සෑම භූමියකම ඉතා කරදරකාරී ලෙස වැවී තිබෙන ගිනි B වගාව පමණක් මෙම ව්‍යාපෘතිය ගොඩ නැගීමට මහෝපකාරී කරගත හැකිය. 70 දශකයේ මෙම ගිනි B මුල් කැබැල්ලක් සොයා ගැනීම ඉතාම දුර්ලභ කාර්යයක් විය. මුල් කාලයේ විදේශයකින් ආනයනය කර ව්‍යාප්ත කළ එය අද ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇත්තේ මෙම තෘණ භාවිතයෙන් එකදු ගවයෙක් හෝ හදාගැනීම දැක ගත නොහැකි වීමය.

එංගලන්තයේ නවසීලන්තයේ මෙන්ම කිරි නිපදවන ඕනෑම රටක සත්ත්ව පාලනය කරන ගම්මාන දැකිය හැකි වුවත් ලංකාවේ කි.මීටර් 500ක් ගමන් කළද එකම කිරි ගවයකුවත් දැකිය නොහැකිය.

පුත්තලම මඩකලපුව වැනි පළාත්වල ගව පට්ටි දැකිය හැකි වුවද එම ගවයන් මස් පිණිස ඇතිකරන බැවින් ඔවුන්ගේ කිරි නිෂ්පාදනය ඉතා අඩුය. එම ප්‍රදේශවල වර්තමානයේ ගොම ලොරියක් රු. 15000ක් පමණ වන අතර එය කොළඹ වැනි ප්‍රදේශයට ගෙන ඒමට රු. 35,000ක් පමණ වැය වෙයි.

අද පොල් ගෙඩියක් රුපියල් 100ද ඉක්මවා ගොස් ඇත. අද පොල් හිමියන් පොල් ගෙඩිය රුපියල් 200 ගියත් පෝර දාන්නට නොයන්නේ පෝර මිල අධික නිසාය. පොල්වලට ඇති හොඳම පෝර වන්නේ ගොමය. ජනාධිපතිතුමාගේ දියර කිරිවලින් ලංකාව දේශීයව ස්වයංපෝෂිත කිරීමේ ක්‍රියාවලියේදී ඉබේම අපේ ‘කප්රුක’ නොහොත් පොල් පලදාව ප්‍රවර්ධනයට එය මහෝපකාරී වන්නේ වක්‍ර ලෙසය. ඒ දියර කිරි නිෂ්පාදනයේදී අතුරුඵලයක් වන ගොම පොල් ගස් සඳහා පෝර ලෙස යොදා ගත හැකි නිසාය.

අද වෙළෙඳපොළේ ඇති පෞද්ගලික ආයතනවල බොහෝ රස ගැන්වූ දියර කිරි සඳහා යොදා ගන්නේ ආනයනික කිරිපිටිය. ස්වාභාවික දියර කිරි ‘කිරිපිටි’ බවට පත් කිරී‍ම් ‘බිහිසුණු’ ක්‍රියාවලියේදී එහි ඇති බොහෝ ගුණදායී සංඝටක කොටස් සුනුවිසුනු වී එහි ඇති නියම ගුණය නොලැබී යාමෙන් සිදුවන්නේ දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය නොලැබී යාමය. එබැවින් දියර කිරි නිසා ආනයනික පිටිකිරිවලට වතුර දමා දියකර බීමෙන් ඇති සෙතක් නැත. එමෙන්ම වෙළෙඳපොළේ ඇති කෘත්‍රිම බීමවලින් මෙරට පොදුජනතාව බේරාගැනීමට ඇති හොඳම ප්‍රතිකර්මය දියර කිරි පානය ව්‍යාප්ත කිරීමය. යහපාලන යුගයේ අපට දියර කිරි විකුණාගත නොහැකිව දියර කිරෙන් ස්නානය කරන විරෝධතාකරුවන් සිටි යුගයක් තිබූ බව දැන් බොහෝ දෙනාට අමතකය.

ජනාධිපතිතුමා සැදැහැ සිතින් දියර කිරි දේශීයව ව්‍යාප්ත කරන්නට සැලසුම් කළ ද එය සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන්නේ ලංකාවේ කිරි පිටි මාෆියාව ආණ්ඩු පෙරළන්නට වුවද මුදල් වියදම් කරන්නට පසුබට නොවන නිසාය. මෙරට ජනසංනිවේදන මාධ්‍ය දියර කිරි ව්‍යාප්තියේදී මුනිවත රකින්නේ කිරිපිටි සමාගම්වලින් ලැබෙන දැන්වීම්වලට කෑදරකමිනි. වරක් මෙරට ප්‍රකට කිරිපිටි සමාගමකට එරෙහිව ඉංග්‍රීසි පුවත්පත් නිර්දය ලිපියක් පළ කරන ලදී. කිරිපිටි කම්පැනිය කළේ ලංකාවේ පත්තරවල වැඩ කරන පත්‍රකලාවේදීන් රොත්තක් ගුවන් මගින් එම කිරිපිටි කොම්පැනියේ මව් සමාගම පිහිටි ඔස්ට්‍රේලියාවට රැගෙන යාමය. ඉන්පසු එම කිරිපිටි සමාගම ගැනත් එහි රස ගැන් වූ දියර කිරි ගැනත් කිසිදු පරහක් ගැන ප්‍රවෘත්තියක් පත්තරවල පළවූයේ නැත.

පසුගිය සතියේ අගමැතිවරයා පෞද්ගලික නාළිකාවකට කිව්වේ තමන්ගේ මැදමුලන මහ ගෙදරට හරක්මස් වැද්ද නොගත් බවය. තම පියා ඡන්දය ඉල්ලද්දී ‘එඬේරාට ඡන්දය’ නොදෙනු ලෙස ප්‍රතිවිරුද්ධවාදීන් පැවසූ බව එතුමා කියන ලදී. රාජපක්ෂ මහතා පවසා සිටියේ තම පියා ඡන්ද ප්‍රතිඵල අහන්නට ගියේ කෙවිටද අතැතිව බවය. එහෙව් ඩී.ඒ. රාජපක්ෂයන්ගේම පුතකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දියර කිරි ව්‍යාප්තියට සැලසුම් සැදීම දෛවෝපගත සිදුවීමකි. අවසන් වශයෙන් කිව හැක්කේ මෙරට දියර කිරෙන් ස්වයංපෝෂිත වූ දාට කිරිපිටි යොදාගන්නට හැක්කේ පොල් රොටී හැදීමට පමණක් බවය.

lanka lead news


More News »