php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ - Tharunaya.us

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

2020-09-21 01:03:00       1240
feature-top
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් දෙසැම්බර් මස 18 වැනි දා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

මෙම පෙත්සම්වලට එරෙහිව විරෝධතා අද දින ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පවසා සිටියා.

ඒ අනුව එම විරෝධතා වලට එරෙහිව ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 13 දා ට පෙර ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළා.

2016 වර්ෂයේ සිදු වූ බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා  විසින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම  අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

රවි කරුණානායක මහතාට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්,  එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණා.

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මාර්තු මස 06 වැනි දා වරෙන්තු නිකුත් කරන ලදි.

රවි කරුණානායක සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »