පළාත් සභා අහෝසි කළ යුතු බව මා කියා නෑ – රාජ්‍ය ඇමැති සරත් වීරසේකර

2020-09-21 09:40:00       876
feature-top

පළාත් සභා අහෝසි කළ යුතු බවට තමන් ප‍්‍රකාශයක් නොකළ බව පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.

කොළඹ පැවැති අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණය සමුළුවට සහභාගිවෙමින් හෙතෙම මේ කරුණු හෙළි කළේය.

පළාත් සභා අහෝසි කිරීමට තවම මා නිර්දේශ ලබාදී නෑ. එය ලබාදීමට පෙර අධ්‍යයනය කිරීමක් සිදුකරනවා. මේකෙන් රටට ජනතාවට සෙතක් වෙනවාද සොයා බලනවා. වසර දෙකකට අධික කාලයක් පළාත් සභා තිබුණේ නෑ. මේ අතර කාලය කෙලෙසද කියා සොයා බැලිය යුතුයි. මේ තත්ත්වය අධ්‍යයනය කර බලා නිර්දේශය ලබාදෙනවා. පළාත් නවය පළාත් තුනකට බෙදන්න මා රජයට යෝජනා කළා කියනවා. නවයකට අකැමැති කෙනා තුනකට කැමති වුණේ කෙලෙස දැයි එහිදී පැනයක් ඉස්මතු වෙනවා. මේක යෝජනාවක් පමණයි. මේවා අපි පරිශීලනය කරනවා මිස තාම රජයට යෝජනා කළේ නෑ.

මෙම අවස්ථාවට සියලූම පළාත්වල ලේකම්වරු දිසාපතිවරු සහ දේශපාලන අධිකාරිය සහභාගි වී සිටියහ.

lanka lead news


More News »