php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

මෙරට පානීය ජල යෝජනා ක‍්‍රමවල තත්ත්වය මෙන්න - Tharunaya.us

මෙරට පානීය ජල යෝජනා ක‍්‍රමවල තත්ත්වය මෙන්න

2020-09-20 02:01:00       1050
feature-top
මෙරට පානීය ජල යෝජනා ක‍්‍රමවලින් හරි අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අබලන් තත්ත්වයේ පවතින බව අනාවරණ වී තිබෙනවා. ඒ, ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සිදුකළ සමීක්‍ෂණයකදීයි.

මෙරට ඇති පානීය ජල යෝජනා ක‍්‍රම 4,500 කට ආසන්න වනවා. ඉන් 2,000කට වැඩි පානීය ජල යෝජනා ක‍්‍රම මේ වනවිටත් අබලන් බවයි එහිදී හෙළිවී ඇත්තේ. අබලන් වී ඇති සියළු පානීය ජල යෝජනා ක‍්‍රම කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කරන බව ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නෙත් නිවුස් වෙත පැවසුවා.

ඒ, අලූතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කි‍්‍රයාපටිපාටිය පිළිබද විමසා බැලෙන නෙත් නිවුස් විශේෂාංග මාලාවට එක්වෙමින්.

මේ වනවිටත් මෙරට ජනගහණයෙන් සියයට 49 කට පානීය ජල පහසුකම් නොමැති බවයි මෙම සමීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ. ඒ අනුව වසර 5 ක් ගත වනවිට සියළු දෙනාට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කෙරුණා. ජනතාවද කෘෂිකර්මාන්තයට තවදුරටත් නැඹුරු කරවීම ආණ්ඩුවේ අපේක්‍ෂාවයි.

කෙසේවෙතත් ඉහළ යන ජනගහණයට සාපේක්‍ෂව භූමිය සහ ජලය ප‍්‍රමාණවත් ද යන්න මේ වනවිටත් පවතින ගැටළුවක්. කෘෂිකර්මාන්තයටද භූමිය සහ ජලය අත්‍යවශ්‍යයයි. කෘෂිකර්මාන්තයත් ප‍්‍රවර්ධනය කරමින් ඇති පසුබිමක පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ කෙසේ දැයි නෙත් නිවුස් මෙහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ලංකාව පුරා ඇති වැව්වලින් තෝරාගත් වැව් කිහිපයක් පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙන බවයි.

පාසල්, විහාරස්ථාන හා සෙසු ආගමික ස්ථානද කේන්‍ද්‍ර කර ගනිමින් ග‍්‍රාමීය ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට නව වැඩපිළිවෙලක්ද කි‍්‍රයාවට නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »