php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ගොඩනැගිල්ල ගිලාබැසිමෙන් සුන්බුන් අතර සිරවී සිටි බිලිඳා මියයයි (PHOTOS) - Tharunaya.us

ගොඩනැගිල්ල ගිලාබැසිමෙන් සුන්බුන් අතර සිරවී සිටි බිලිඳා මියයයි (PHOTOS)

2020-09-20 01:52:00       1054
feature-top
මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට පත්ව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.

අද අලුයම සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් නිවසක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ගිලා බසින ලද ගොඩනැගිල්ලේ සුන්බුන් වලට සිරවූ අතර මෙම කුඩා බිලිඳාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිව තිබුණා.

මහනුවර මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වීරසිංහ වැඩිදුරටත් කියාසිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක්ද අදාළ ස්ථානයට පිටත් කර හැරි බවයි.

ගොඩනැගිල්ල කඩා වැටුණු නිවසේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ අතට හෝටල් හිමියෙකු සහ ඔහුගේ බිරිදද අයත්. අනතුරෙන් මියගොස් ඇත්තේ ඔවුන්ගේ දරුවා බවයි පැවසෙන්නේ.

එම ස්ථානයට ගොස් සිටින නෙත් නිවුස් වාර්තාකරු ජේ ඒ එල් ජයසිංහ මීට නොබෝ වේලාවකට පෙර සදහන් කළේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල පැරණි ගොඩනැගිල්ලක් බවයි. පසුව එය ප‍්‍රතිසංස්කරණය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බවයි ඔහු කියාසිටියේ.

(under the courtesy of nethnews.lk news web)





More News »