මධ්‍යම කදුකරයට තද වැසි - හැටන් නාය යයි - ජලාශ වාන් දමයි

2020-09-19 01:51:00       881
feature-top
දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද දිනයේ ද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේද තවදුරටත් පවතිනු ඇති. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ යන පළාත් වලටත් ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත‍්‍රික්ක වලටත් වැසි ඇති විය හැකියි. සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට මිලි මීටර් 100කට වඩා වැඩි තද වැසි ද ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 75ක වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම ප‍්‍රදේශයේ කොටසක් නායගොස් තිබෙනවා. හැටන් - සමනලගම ප‍්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙලදසැල දෙකක් අතරට පස් කන්ද නාය ගොස් ඇති බවයි  පොලීසිය පැවසුවේ. තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු කියාසිටියේ.

හැටන් සමනලගම ප‍්‍රදේශයේ නායයාමේ අවදානම් සහිත ප‍්‍රදේශයක්් බවට ජාතින ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට ඉවත් වෙන ලෙසට උපදෙස් ලබා තිබෙනවා.

මේ අතර ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකී‍්‍රයව විවෘත වී තිබෙනවා. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂාවක් ඇද හැලෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංකී‍්‍රයව විවෘත විය හැකි බැවින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලේ ජලාශයේ ජලය පරිහරණයකරන්නන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා. ඇදහැලෙන තද වැසි සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහල ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.

මේ අතර ගිනිගත්හේන නගරය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල අසල ප‍්‍රධාන මාර්ගය අභියස තිබු විශාල මැයි මාර ගසක් කඩා වැටීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »