මුහුදු මාර්ගයෙන් ගෙනා වියලි කහ කිලෝග්‍රෑම් 1058ක් සොයා ගැනේ

2020-09-18 11:31:00       1048
feature-top
හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර අදාල යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී ගෝනි උර 21ක බහාලන ලද වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ.

මෙලෙස සොයා ගන්නා ලද වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිත අතර, සැකකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
(under the courtesy of nethnews.lk news web)

More News »