පාස්කු ඉරුදින ප්‍රහාරකයාගේ දේපල වංචනිකව අත්පත් කරගත් නීතිඥයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

2020-09-18 09:32:00       1046
feature-top

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින අපරටේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ප්‍රහාරය සිදු කළ ඉන්සාෆ් අහමඩ් නම් ප්‍රහාරකයාට අයත්ව තිබූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිෂ්චල දේපලකට වංචනික ලෙස අයිතිවාසිකම් කියූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.

සැක කරුවන් අතර ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට කටයුතු කළ නීතිඥයකුද වන බව පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරුණි.


More News »