රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයිනට හා ඉන්දියාවට ගුවන් ගමන් ඇරඹේ

2020-09-15 01:20:00       1886
feature-top
මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිතකුත් කරමින් සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සඳහන් කළේ ඊට අදාලව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

රත්මලාන ගුවන්තොටුපල තුල ජාත්‍යාන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට්යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලූ‍ම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළට ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ස`දහන් කළේ. ඊට අදාල ගැසට් නිවේදනය ද පසුගිය 08 වනදා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අමතරව රත්මලාන ගුවන්තොටුපලට පැමිණෙන ජාත්‍යාන්තර ගුවන්යානා සඳහා සහන මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමටත්,ගුවන්තොටුපල අපගමන බද්දෙන් සියයට 50 ක මුදලක් වසරක කාලයක් සඳහා නිදහස් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කළ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »