චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් ඉවත් වෙයි

2020-09-05 09:02:00       100
feature-top
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පෞද්ගලික හේතුවක් මත මෙලෙස තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සුරේෂ් රයිනා ද පෞද්ගලික හේතුවක් මත මීට පෙර තරඟාවලියෙන් ඉවත් වෙන බව පැවසීය.

චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළු 13 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද හඳුනාගැනීම හේතුවෙන් එම කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.

පවතින තත්ත්වය හමුවේ චෙන්නායි කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ප්‍රමාද කිරීමට ද සිදුව ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර අයි.පී.එල් තරඟාවලිය ලබන 19 වනදා ආරම්භ වීමට නියමිතය.


(under the courtesy of adaderana.lk news web)

More News »