බාර්සිලොනා කණ්ඩායම හැරදා යාමට මෙසී සැරසෙයි

2020-08-26 11:20:00       131
feature-top
ස්පාඤ්ඤයේ බාර්සිලොනා කණ්ඩායමෙන් ඉවත්වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී අවසර ඉල්ලා තිබේ.

ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇති මෙසී, බාර්සිලොනා කණ්ඩායමේ බලධාරීන්ට සිය තීරණය ෆැක්ස් පණිවුඩයක් මඟින් දන්වා යවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය අගෝස්තු 16 වැනිදා පැවති ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයේදී බාර්සිලොනා කණ්ඩායම ගෝල 8ට 2ක් ලෙස ජර්මනියේ බෙයර්න් මියුනිච් කණ්ඩායම අතින් පරාජයට පත්විණි.

එබැවින් ඔහු ඉතා කණස්සල්ලෙන් පසුවෙන බව ද පැවසිනි.

හය වරක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ඇති 33 හැවිරිදි මෙසී, 2004 වසරේ සිට බාර්සිලොනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.


(under the courtesy of adaderana.lk news web)

More News »