ටික කලක් නිහඬව සිට අග‍්‍ර ඵලය ලබා ගන්නා බව මෛත‍්‍රී කියයි..

2020-08-14 07:59:00       1390
feature-top
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි අවධානයක් ලැබී ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බවයි.

ඒ මහතාට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයද නොලැබිණ.

එය ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලැබුණ බවට වාර්තා වුවද එය මෙතෙක් නිලවශයෙන් තහවුරු කර නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »