පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

2020-08-14 07:50:00       615
feature-top
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ට මත්ද්‍රව්‍ය අළෙවි කිරිමට ජාවාරම්කරුවන් විසින් යොදා ගන්නා තවත් සුක්ෂම උපක්‍රමයක් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට සිටිනවා.

ඉන්හේලර් (ස්ප්‍රේ යන්ත්‍රයක්) වැනි උපකරණයක් මගින් මෙලෙස පාසැල් ළමුන් ඉලක්ක කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත් එම උපකරණය රුපියල් 15000ක් වැනි මිලකට අළෙවි කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් පාසැල් ළමුන් සම්බන්ධයෙන් දෙමව්පියන්, ගුරුවරුන් සහ පාසැල් ආශ්‍රිතව රාජකාරි කටයුතු වල නිරතවන නිලධාරින් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.

මෙවැනි උපකරණ පාසැල් සිසුන්ට අළෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට පියවර ගන්නා ලෙසටද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »