රංග බණ්ඩාර එජාප නායකත්වය ඉල්ලයි..

2020-08-13 08:00:00       1002
feature-top
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලා තිබේ.

පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව තහවුරු කළේය.

නවීන් දිසානායක, රුවන් විජේවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන් ද අලුතෙන් පක්ෂ නායකත්වය ඉල්ලා ඇතැයි ඔහු කියා සිටියේය.

මේ වනවිටත් රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ සහ අකිල විරාජ් කාරියවසම් යන මහතුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම යෝජනා සිකුරාදා දිනයේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

More News »