පරිසර අමාත්‍යාංශයේ නව ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ : නව අමාත්‍යාංශ ලේකම්වරු 25කට පත්වීම් ලබාදෙයි

2020-08-13 07:54:00       933
feature-top
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා නව ලේකම්වරු පත් කොට තිබෙනවා. ඒ අනුව එම පත්වීමේ ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කරනු ලැබුවා.

නව පත්කිරීම් වලට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ පත් කොට තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත්තේ ජගත් පී. විජේවිරයි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පත් කොට තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජිව මුණසිංහ ද පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ ද පත් කොට ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව පත්වීම් ලැබූ අමාත්‍යාංශ ලේකම්වරුන් ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.
(under the courtesy of nethnews.lk news web)

More News »