කැබිනට් මණ්ඩලය දිවුරුමෙන් පසු කොරෝනා අවදානම ඉහලට..- වසංගත විද්‍යා අංශ ප‍්‍රධානී..

2020-08-13 08:52:00       829
feature-top
මේ සතියේ සිට රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

මෙම තත්වය යටතේ යම් කිසි විටක හඳුනා නොගත් රෝගියෙකු හෝ රෝගි පොකුරක් මතුවුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් පිලිපදින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සිය කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී
(under the courtesy of lankacnews.com news web)

More News »