පිස්තෝල සහ උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙක් කොටු - පාලිත තෙවරප්පෙරුමත් සම්බන්ධ බවට සැකයක්

2020-08-11 07:25:00       1005
feature-top
පිස්තෝල 02 ක් සහ උණ්ඩ 05 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතුගම යටදොළ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් පිස්තෝලයක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුමගේ බවටයි මේවනවිට සැක මතුව ඇත්තේ.

මේ අතර විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකව සිටි පුද්ගලයෙකු දෙහිවල, පෙරේරා ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘‘කවුඩානේ රොසයිරෝ’’ නමැත්තෙකු වන අතර සැකකරු ගෙවල් බිදුම් රැසකට සම්බන්ධ බව ද පොලීසිය සඳහන් කළා. 38 හැවිරිදි සැකකරු දෙහිවල, කවුඩාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් 418 කදී සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 න් අවසන් වූ ගතවූ පැය 24 කාලය තුල මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 182 දෙදෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 94 දෙනෙකු, නීති විරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 95 දෙනෙකු හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 17 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »