වරාය අධිකාරිය 41 වන සංවත්සරය සමරයි

2020-08-11 07:18:00       926
feature-top
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය අද 41 වන සංවත්සරය සමරනු ලැබුවා.

ඒ, සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේදීයි. සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් පැවැති මෙම සංවත්සරය සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට යටත්ව චාම් අයුරින් සිදුකෙරුණු බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ.

සංවත්සර සැමරුම අමතමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ කොරෝනා වසංගත තත්ත්වය දරුණු අවස්ථාවේදී කලාපීය වරායන් අභිභවා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සිය සේවා පවත්වාගෙන යාමට හැකිවීම සියලූදෙනා ලද ජයග‍්‍රහණයක් බවයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »