චොකා මල්ලීට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස දිවුරන්න හැකියි..- පාර්ලිමේන්තු මහ ලේකම්

2020-08-10 02:33:00       913
feature-top
මරණ දඬුවම නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින ‍පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කර තිබේ.

ඔහු රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය කර ඇත.

2015 වසරේ දී සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණ විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

කෙසේ නමුත් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර වලට ලබාගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »