චම්පිකත් සජිත්ව හිර කරයි.. ජාතික ලයිස්තුවෙන් එකක් ඉල්ලයි.. විපක්‍ෂ සංවිධායකකමත් ඉල්ලයි..

2020-08-10 11:45:00       941
feature-top
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාඨලී චම්පික රණවක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනීම සඳහා උත්සාහ කරන බව වාර්තා වේ.

එය තමන්ට අවශ්‍ය බව දැනටමත් දැනුම් දී ඇතැයිද පැවසේ.

ඊට අමතරව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

කෙසේ නමුත් විපක්ෂයේ සංවිධායක ධුරය සඳහා හර්ෂ ද සිල්වා සහ සරත් ෆොන්සේකා මහතා බලාපොරොත්තු තබා ගෙන සිටින බවද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »