එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු බැල්ම හෙලයි

2020-08-08 08:57:00       924
feature-top
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඊයේ පැවති සාකච්ජාවකදී ඒ පිළිබද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර, ඒ අතරින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් කිරීම සදහා පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ඉදිරි සතියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමටද නියමිතව ඇති බව වාර්තා වනවා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සහ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් ඊයේ පැවැත්වුණා. එහිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන්ට දිගින් - දිගටම නායකත්වයේ රැදී සිටීමට අවශ්‍යතාවක් නැති බවයි. තවත් වසර 3 ක් යන තෙක් ව්‍යවස්ථානුකූලව තමන්ට පක්ෂ නායකත්වය දැරීමට හැකියාව ඇති බවත් නායකත්වය භාරදීමට සුදුසු පුද්ගලයෙකු පක්‍ෂය තුළ සිටී තමන් එය භාරදීමට සූදානම් බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

නායකත්වයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ සාකච්ඡුා කර අවසන් තීරණයකට පැමිණ තමන්ට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසට ද රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට දන්වා තිබෙනවා.

මේ අතර නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ සදහන් කළේ එක්සත් ජාතික පක්‍ෂය ගොඩනැගීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවයි.

එක්සත් ජාතික පක්‍ෂය නව නායක්තවයක් යටතේ ඉදිරියට ගමන් කළ යුතු බව මේ වනවිට පක්‍ෂයේ සියළු දෙනා තේරුම් ගෙන ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ මෙහිදි වැඩිදුරටත් සදහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »