පැරදුනු රනිල් හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න කුමන්ත‍්‍රණයක.. කොළඹ මනාප යලි ගනී..

2020-08-07 08:47:00       962
feature-top
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 5% අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිටියදී එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම සඳහා නැවතත් කුමන්ත්‍රණයක් කරමින් සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්‍ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වික්‍රමසිංහ මහතා ඔහුට සමීප නීතිඥයන් පිරිසක් සමගින් මෙම කටයුත්තේ නිරත බවයි.

මේ බව සඳහන් කරමින් සමගි ජන බලවේගය මහ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණයකදී මන්ත්‍රී අසුනකට හිමිකම් කිව හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමකට හෝ පක්ෂයකට පමණි.

කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුල සමස්ත දිස්ත්‍රික ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කොටගෙන අනීතික සහ ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජනබලවේගයේ බලවත් විරෝධය පල කරමූ.

මේ පිලිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබදව තීන්දුවක් තමන් නොගන්නා බවත් ය.එහෙත් අපගේ තර්කයත්,නීතිමය තත්ත්වයත් වන්නේ එලෙස ගණන් නොකළයුතු බවය.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්
සමගි ජනබලවේගය

මෙම විරෝධතාවය හේතුවෙන් දෙවන වර මනාප ගණන් කිරීම නවත්වා දමා ඇති බවත් වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »