පෙම බිදුනැයි තරුණයෙක් ගෙල වැලලාගෙන මියයයි..

2020-08-05 06:08:00       892
feature-top
යාපනය වඩමාරච්චි තුම්පලෙයි ප්‍රදේශයේ තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

තුම්පලෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එස්.මරින්රාජ් නැමති තරුණයා මෙසේ සිය නිවසේදී ගෙලවැලලාගෙන සියදිවි හානිකොට ගෙන සිටියදී මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

මිය ගිය තරුණයාගේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත්තේ මිය ගිය තරුණයා ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීම හේතුවෙන් දැඩි සිත් තැවුලකට පත්වී සිටි බැවින් මෙසේ ගෙල වැලලාගන්නට ඇති බවට තමන් සැක පල කරන බවටය.
(under the courtesy of lankacnews.com news web)

More News »