බීමතින් රාජකාරි කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

2020-08-05 12:41:00       916
feature-top
ජන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපනවිද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක්  ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ
පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
කාර්‍යාලය පවසනවා.

වේයන්ගොඩ පොලිසියේ රාජකාරි කරන එම පොලිස් පරික්ෂකවරයා වතුපිටිවල මුලික රෝහලට ඇතුලත් කර සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණයේදී බිමත්ව සිටින බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්
කර තිබේ.

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇති වී ඇත.

පසුව එම නිලධාරියා සිද්ධිය ගම්පහ කොට්ටාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වාට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර පොලිස් පරික්ෂකවරයාව  වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් අනතුරුව මෙසේ වැඩ තහනම් කල බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිකාර්‍යාලය වැඩිදුරටත් සදහන් කලේ.
(under the courtesy of nethnews.lk news web)

More News »