මාතලේ සහ මොණරාගල ප්‍රකාශිත ජන්ද මට්ටම ඉහළට

2020-08-05 12:37:00       898
feature-top
අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව  දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටිනවා.

කොළඹ 27%, ගම්පහ 26%, කළුතර 30%, මහනුවර 30%, මාතලේ 36%, පොළොන්නරුව 21%, මොණරාගල 40% ක් ලෙස අද පෙරවරු 11 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.

 

....................................................
පළමු පැය 03 තුලදී ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25 අතර

(05-08-2020 10:53)

අද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25ත් අතර ප්‍රමාණයක්‌ වන බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටිනවා.

මේ වන විට ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ 25%, මාතලේ දිස්ත්‍රික්කයේ 25%, ගම්පහ 16%, අනුරාධපුරය 30%, පොළොන්නරුව 21%, වන්නි 18%, මොණරාගල 20%, මාතර 25%, හම්බන්තොට 24%, මඩකලපුව 17%, ත්‍රිකුණාමලය 30%, බදුල්ල 25%, දිගාමඩුල්ල සීයයට 6%, කුරුණෑගල සීයයට 25%, මහනුවර 25%, යාපනය සහ ගාල්ල 20%, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල 23%ක් හා පුත්තලම 16% ක් බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් ප්‍රකාශ කර සිටින්නේ.

මේ වන විට බොහෝ ජන්ද මධ්‍යස්ථානවල ජන්දය ප්‍රකාශ කිරිම සාමකාමිව සිදුවෙමින් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »