ජන්දය ලකුණු කිරීමේදී දුරකථනයෙන් ජයාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

2020-08-05 12:27:00       929
feature-top
තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දින උදැසන නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් ඔහු අද දින රම්බොඩ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ
(under the courtesy of nethnews.lk news web)

More News »