බස් රථයකින් ගෙන ගිය පොස්ටර් තොගයක්, අත් පලදනා තොගයක්, පත්‍රිකා තොගයක් නානුඔය අත්අඩංගුවට ගනී…

2020-08-05 09:23:00       916
feature-top
මහ මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක රොෂාන් ගුණවර්ධන මහතාට අයත් පොස්ටර් , මනාප අංකය සදහන් අත් පලදනා සහ මනාප අංකය සදහන් මුද්‍රනය කරන ලද අත් පත්‍රිකා තොගයක් නානුඔය පොලිසිය මගින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑලිය සිට මිපිලිමාන දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත් පලදනා සහ අත් පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබු බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පොස්ටර් දහසක් , මනාප අංක සහිත අත් පලදනා හයසියක් , මනාප අංක සහිත අත් පත්‍රිකා අටසියක් , බස් රථය සහ බස් රථයේ අයිතිකරුව පොලිස් භාරයට ගෙන ඇති බවත් නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
(under the courtesy of lankacnews.com news web)

More News »