ඡන්දය සලකුණු කිරීම හා මනාප ලබා දෙන අයුරු පිළිබඳ මැතිවරණ කොමිසමෙන් උපදෙස්

2020-08-05 09:15:00       908
feature-top

ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.  ඊයේ දින විකාශය වූවැඩසටහනට එක්ව ඔහු මේ බව කියාසිටියා.

ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඡන්ද ප‍්‍රකාශ කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා.


ඡන්දය සහ මනාප සලකුණු කළ යුතු නිවැරදි ආකාරය පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මෙලෙස කරුණු දැක්වුවා.


තමන් ද ඡන්ද මධ්‍යස්ථාන තුලදී ඡන්ද දායකයින්ට ආදර්ශයක් ලබාදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 82,000 ක බලඇණියක් යොදවා සිටින බවයි පොලිස් මැතිවරණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් 15,000 කට අධික පිරිසක් ජංගම මුරසංචාර සඳහාත්,  පූර්ණ කැරලි මර්ධන කණ්ඩායම් 64 ක් මැතිවරණ ආරක්ෂක රාජකාරී සඳහාත් අනියුක්ත කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.  

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන අවට ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. චේතනාන්විතව ඡන්ද දායකයින් ප‍්‍රවාහනය කිරීම මැතිවරණ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පොලිස් නීති කොට්ඨාශය භාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ


(under the courtesy of nethnews.lk news web)

More News »