බස්නාහිර පළාතේ වැටලීම්වලින් සැකකරුවන් 539 දෙනෙකු අත්අඩංගුවට

2020-08-04 03:07:00       899
feature-top
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් 532 කදී සැකකරුවන් 539 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 26 වනදා පෙරවරු 06 සිට ඊයේ අලූයම 05 දක්වා මෙම වැටලීම් සිදුකෙරුණු බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 255 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 123 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි පුද්ගලයින් 119 හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 05 දෙනෙකු ද වන බව ද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »