සම්පායෝ නිරෝධායනයට යොමු කරයි..

2020-08-04 12:10:00       903
feature-top
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද මීගමුව හිටපු බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ද සම්පායෝ ඊයේ පස්වරුවේ දුම්බර බන්ධනාගාරයට ගෙන ගොස් තිබේ.

බන්ධනාගාර ගත කිරීමට පෙර ඔහු මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන වාට්ටුවට රඳවා තැබීමට පියවර ගෙන ඇත.

ඔහුගේ නීතිඥයන් විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත මීගමු බන්ධනාගාරය නොවන බන්ධනාගාරයකට යොමු කිරීමට කටයුතු කර තිබේ.

අද දිනයේ ඔහු නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් ඇරඹූ බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »