නිල ඡන්ද පත‍්‍රිකා රුපියල් 5000ක් දී මිලට ගනී..

2020-08-04 09:59:00       829
feature-top
නිල ඡන්ද පත්‍රිකා මිලදී ගැනීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට දිනයේ පැවැත්වීමට තිබෙන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාවක් ඔවුන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 5000 බැගින් ගෙවිමින්.

බේරුවල ප්‍රදේශයේ දී මෙම කටයුත්තේ යෙදී සිටි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.

ඔවුන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි පැමිණි තවත් දෙදෙනෙක් පළා ගොස් තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »