අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් : පිරිස විසුරුවන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

2020-07-16 07:25:00       810
feature-top
අඟුලාන පොලිසිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරිමට පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.ඒ ඉකුත් දා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගෙන ප්‍රදේශවාසින් අඟුලාන පොලිසිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් සමගයි.

පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස කටයුතු කළ පිරිස විසුරුවා හැරිමට පොලිසිය මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

මේ අතර පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ධීවරයා ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අප‍රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »