කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 08 දෙනෙකුට කොරෝනා

2020-07-16 07:13:00       812
feature-top
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 8ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2682ක් වනවා. එලෙස වාර්තා වූ රෝගීන් 8 දෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ දී නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගේ ආශ්‍රිතයන් වනවා.

ඔවුන් මේ වන විටත් බියගම විලේජ් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් වනවා.

අද දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගීන් 06 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව  2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 664ක් වනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »