අපරාධකරුවන් බේරාගැනීමේ උත්සාහයක්ද ? අඟුලාන පොලීසියේ වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සාක්ෂිකරුවන් පොලීසියෙන් පැහැරගෙන බවට චෝදනා

2020-07-16 07:09:00       815
feature-top
අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිටදී මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබේ. ඒ ප්‍රදේශවාසීන් සිදු කරනා උද්ඝෝෂණයක් හේතුවෙනි.

ඒ පසගිය දා අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් පැහැරගෙන ගිය බව පවසමින්.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලීසිය විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කර, සාක්ෂි වෙනස් කර ඝාතනයට සම්බන්ධ හිටපු පොලිස් නිළධාරීන් බේරාගැනීමේ උත්සාහයක නිරත බවයි.

අද උදෑසන වරෙන්තුවක් නොමැතිව පොලිසිය විසින් රැගෙන ගිය සාක්ෂිකරුවන් දෙදෙනා ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ පසුව රහසිගතව අඟුලාන පොලිස්ථානය වෙත රැගෙනවිත් තිබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වේ.

මොරටුව, ලූනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කිරීමේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු බාධා කිරීම හේතුවෙන් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් 39 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කිරීමට පියවර ගැනුණි.

මේවනවිට පොලීසිය විසින් සිදුවීමට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින්, අපරාධකරුවන් රැක ගෑනීමට උත්සාහ කරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරමින් විරෝධතාවයේ නිරත වේ.

පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.
(under the courtesy of nethnews.lk news web)

More News »