විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුල

2020-07-16 02:47:00       812
feature-top
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින 02 තුලදී නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා.

ඇය මේ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදීයි.

අදාළ මාර්ගෝපදේශ මේවනවිට නීතිපති දප්පුල ද ලිවේරා වෙත යොමු කර ඇති බවයි අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුව අද දිනයේදී ලබදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එම නිර්දේශ ලද වහාම ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් සඳහන් කළා.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා අපහසුතා පැන නැගී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »